මෙරට සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසය තුළ විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දැමුණු මෙරට විශ්වවිද්‍යාල තවමත් පූර්ණ වශයෙන් විවෘත වී නොමැති අතර විශ්වවිද්‍යාවල පැවැත්වෙන විභාග සහ දේශන කටයුතු මේ වන විට මාර්ගගත ක්‍රමවේදය හරහා සිදුකරනු ලබයි.
විශ්වවිද්‍යාල විවෘත කොට නැවත අධ්‍යන කටයුතු සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය සිසුන්ට විවෘත කරන ලෙස ඉල්ලමින් පසුගියදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබුණි.