ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
මේ පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් කටයුතු කරමින් සිටින බවත් එම නව කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම අද (23) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය