― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalසිවලාකුලමේ දේවගැති දියණියක් අතුරුදහන් වී අදට දින 10ක්

සිවලාකුලමේ දේවගැති දියණියක් අතුරුදහන් වී අදට දින 10ක්

දේවගැති දියණිය අතුරුදහන් වී අදට දින 10 ආසන්න වෙතත් කිසිදු තොරතුරක් නැති බවට සිවලාකුලම කවරක්කුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ශාමිලා නිලක්ෂි දයාරත්න පසුගිය වාරයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂිතව නිවසේ සිටියදී අදුන් බැලීම ඇතුළු දේවාල කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

ඇය නිවස තුළම දේව මෙහෙයන් සිදු කිරීම සඳහා දේව මැදුරක් තනාගෙන එහි දේව මෙහෙයන් පවත්වමින් ප්‍රදේශයේ ජනතාවට සේවාවක් කළ බවද සදහන්.

ඇගේ දෙමාපියන් පවසන්නේ පසුගිය 14 වැනිදා උදෑසන කාලයේ තමන් සුපුරුදු පරිදි කිරි ගවයන්ගෙන් කිරි ගැනීමට ගොස් උදෑසන 8.00 පමණ නිවසට පැමිණෙන විටත් දියණිය නිවසේ සිට නැති බවයි. ඇය සතු කිසිදු දෙයක් රැගෙන ගොස් හෝ අතුරුදහන් වී නොමැති වීම සැකයට කරුණක් බව දෙමාපියන් අවධාරණය කරයි.

ඇය භාවිතා කළ ස්මාට් දුරකතනය, පළඳින ඇදුම් ආයිත්තම් තියා අඩුම තරමින් ඇය පළාඳින බාටා හෝ සෙරෙප්පු යුගලද නිවසේම තිබීමත් ඇයගේ නමින් බැංකු ආයතනයක දමා ඇති රුපියල් ලක්ෂ 17ක ගිණුම් පොතද නිවසේ දමා යාම තුළ මෙම අතුරුදහන් වීම සැකයක් පවතින බව දෙමාපියන් පවසයි. ඇයගේ අතුරුදහන් වීම පිළිබඳ පසුගිය 14 වැනිදා මොරගොඩ පොලිස් ස්ථානයට ගොස් පැමිණිලික්ද ඉදිරිපත් කර තිබුණද මේ දක්වා කිසිදු තොරතුරු දැන ගැනීමට නොලැබුණු බව දෙමාපියන් පවසයි.

එමෙන්ම ඇය පිළිබඳ යම් තොරතුරක් ඇති නම් මොරගොඩ පොලිස් ස්ථානයට දැනුම් දෙන්නෙකුට ත්‍යාග මුදලක් ලබා දෙන බව ඇගේ පියා පවසයි.