25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුරගේ නිවසට ගිනි තැබූ අයෙක් අත්අඩංගුවට

විදුරගේ නිවසට ගිනි තැබූ අයෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායකට අයත් පානදුර පිහිටි නිවසට, පුද්ගලික දේපළවලට සහ රජයේ වාහනවලට පහර දී ගිනි තැබීමේ සිද්ධියට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 42ක් වූ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු ඊයේ (23)හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව ඇප මත මුදාහැර තිබේ.2023 වසරේ මාර්තු 13 වන දා එම නඩුව නැවතත් කැඳවීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.