25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපසුගියදා කොළොන්නේ ගිනි ගත් හෝටලය රෝහිත රාජපක්ෂගේද?

පසුගියදා කොළොන්නේ ගිනි ගත් හෝටලය රෝහිත රාජපක්ෂගේද?

පසුගිය මැයි 10 වැනිදා හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් කොළොන්න, ගොන්ගලකන්ද ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිනි තබා විනාශ කිරීම සහ එහි දේපල හානි කිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවන් 04ක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළොන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (22) සහ පෙරේදා (23) මෙම සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් සිව්දෙනා වයස අවුරුදු 25ත් 50ත් අතර වයස්වල පසුවන කොළොන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.