විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි හා පාපැදි මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා. මේ අනුව ආනයනය බලපත්‍ර වලට යටත්ව මෙලෙස ආනයනය කිරීමට අවසර දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ දින සිට අදාළ යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර හිමිවී ඇත. විදුලි යතුරුපැදියක් සඳහා රුපියල් හාර දහසක් සහ විදුලි පාපැදියක් දහසක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට ද යෝජනා වී ඇත.