― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalආනයනය තහනම් කරපු භාණ්ඩ නිසා රටේ කර්මාන්ත ගණනාවක් බිඳ වැටෙනවා - ජනතාවගේ...

ආනයනය තහනම් කරපු භාණ්ඩ නිසා රටේ කර්මාන්ත ගණනාවක් බිඳ වැටෙනවා – ජනතාවගේ ජීවනෝපායන් බිඳවැටෙනවා

ආනයනය තහනම් කරපු භාණ්ඩ නිසා රටේ කර්මාන්ත ගණනාවක් බිඳ වැටෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඊයේ 26දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ආනයනය තහනම් කරපු භාණ්ඩ නිසා රටේ කර්මාන්ත ගණනාවක් බිඳ වැටෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.ඊයේ 26දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

 පසුගියදා රජය විසින් භාණ්ඩ ගණනාවක ආනයනය තහනම් කරලා ඒකට අදාල විශේෂ නිවේදනයක් නිකුත් කළා.

 ආනයනය තහනම් කරපු භාණ්ඩ නිසා රටේ කර්මාන්ත ගණනාවක් බිඳ වැටෙනවා. ජනතාවගේ ජීවනෝපායන් බිඳවැටෙනවා. එයා රේල් බ්‍රේක්ලං කාවට ගෙන ඒම තහනම් කරලා තියෙනවා. මේක ආරක්ෂාව පිළිබඳව ලංකාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් දුම්රිය සඳහා වන සංඥා  පද්ධතියට අවශ්‍ය උපාංග ගෙන්වීම නවත්වලා තියෙනවා.

 දුම්රිය අනතුරු සඳහා වන සම්භාවිතාව ඒක නිසා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. වාහන ගිනි නිවීමේ උපකරණ ගෙන්වීම සීමා කරලා තියෙනවා. මේ වගේ දේවල් ඉතාම නරක බලපෑමක් කරන්න ඉඩ තියෙනවා ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයේදී .

යකඩ ඇලුමිනියම් ජලනල වැහිපීලි වගේ දේවල් ආනයන තහනම් නියෝග පැනවීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රය බර පතල අර්බුදයකට  මුහුණ දෙනවා.

 ඉදිකිරීම් ක්ෂේත්‍රය හරහා ජීවිකාව සරි කර ගන්න ලක්ෂ ගණන්  ජනතාවට මොකක්ද වෙන්නෙ කියන ප්‍රශ්නය ඉතාම බරපතළ විදියට එනවා.

 පුවත්පත් කර්මාන්තය සහ පොත් කර්මාන්තය තවදුරටත් බිඳ වැටිලා විනාශ වෙන්න නියමිතයි. පුවත්පත් වල කාර්ය මණ්ඩල මේ සියලු දෙනාගේ රැකියා සම්බන්ධ අවදානමක් එනවා.

කඩදාසි මිල අධික ලෙස වැඩි කිරීම. කඩදාසි නිෂ්පාදනය සඳහා වන උපකරණ ගෙන්වීම නතර කිරීම. මුද්‍රණ යන්ත්‍ර ගෙන්වීම නතර කිරීම වගේ දේවල් එක්ක මේ ක්ෂේත්‍රයේම  මුළුමනින්ම ඇවිලිලා මුද්‍රිත මාධ්‍යයන් මුළුමනින්ම වැහෙන්න ඉඩ තියෙනවා.

 ගොවීන් සඳහා අවශ්‍ය උපකරණ ගණනාවකට ආනයන තහනම පනවලා තියෙනවා. කලින් පොහොර නැති නිසා වවන්න බැරි වෙලා හිටියා. ඉන්ධන මිළ අධික ලෙස වැඩි වීමත් එක්ක මේ කන්නය අමාරුවෙන් ව වපු එක කොහොමද නෙලන්නේ  අස්වනු නෙලන ප්‍රශ්නය ඇවිල්ලා. තවදුරටත් කොහොමද කෘෂිකර්මාන්තය පවත්වාගෙන යන්න කියන ප්‍රශ්නය ම එනවා.

 ධීවර ආම්පන්න සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය මෙලෙසම තියෙනවා.

 යට ඇඳුම පවා ගෙන්නන එක නවත්තන එකත් එක්ක තමා මේවා නවත්තලා තියෙන්නේ. ලංකාව ඇතුලේ ඇඳුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන නූල් කැපීම සහ රෙදි වීමට අදාළ යන්ත්‍ර පවා ගෙන්වීම  නවත්තලා තියෙන්නේ.

රාජ්‍ය ආයතන ගණනාවක් විකුනනවා කියලා තියෙනවා. ආර්ථිකය ඩවුන් සයිස් කරනවා කියනවා. ආර්ථිකය මන්දණය කරනවා කප්පාදු කරනවා. අයි එම් එෆ් එක ගේනවා. මේ ක්‍රියාමාර්ග දෙක හරහාම වෙන්න නියමිතව තියෙන්නෙ ජනතාවගේ ජීවනෝපායන් විශාල වශයෙන් අවධානමට ලක්වීම.

 ආනයනය නතර කිරීම තුළින් මහා පරිමාණව ජීවනෝපායන් රැකියා අහිමි වෙනවා.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කරන සාකච්ඡාවලදී වෙළඳ බාධක ඉවත් කිරීම සඳහා නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමේ කොන්දේසියකට රජය එකඟ වුණොත් එහෙම තාමත් ඒ සාකච්ඡා යමින් තියෙන්නේ, සියලු දෙනාගේ ජීවනෝපායන් අහිමි වීමකට ලක් වෙනවා.

 ලක්ෂ ගණනක් මිනිසුන්ගේ රැකියා අ හිමිවන ජීවන උපායන් අහිමිවෙන තත්වයක් තියෙද්දී ව්‍යවසායන් විනාශ වෙන තත්වයක් තියෙද්දී කිසිම කෙනෙකුට තමන්ගේ ව්‍යාපාරයන් කරගන්න බැරි තත්වයක් තියෙද්දී,  රජය අරන් තියන අවසාන තීන්දු මොනවාද තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන් සඳහා උපරිම සහන සලසමින් ඉන්නවා.

 මහ බැංකු බැඳුම්කර වංචාවට නිශ්චිත ව ම සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඒ සමාගමේ හිමිකරු වෝ අතර හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය හිටපු අර්ජුන් ඇලෝසියස් ට අයිති මෙන්ඩිස් අරක්කු සමාගම, බදු වල දී දෙන්න යන සහනය මොකක්ද..

 මගෙ ළඟ මෙතැන මේ කොලේ තියෙනවා මේ තියෙන්නෙ මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස් ල  ඒගොල්ලො ආදායම් බදු නොගෙවීම සම්බන්ධ නඩු පැවරීමේ සහතිකය මේ තියෙන්නෙ, මේකෙ තියෙන විදිහට රුපියල් කෝටි එකසිය හැට හතයි රජයට අයවිය යුතු බදු මුදල ගෙවලා නෑ.

 රුපියල් බිලියන වලින් ගත්තොත් රුපියල් බිලියන 1.6 ක්, ආදායම් බදු ගෙවලා නෑ. සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 1.2  ක්‌ සුරා බදු ගෙවලා නෑ.

 කෙලින්ම රුපියල් බිලියන 2.8 ක්‌ රුපියල් කෝටි 280 ක ට තුන්සියයකට ආසන්න මුදලක් මුළුමනින්ම බදු ගෙවීම පැහැර හැරලා තියෙනවා මේ මෙන්ඩිස් සමාගම.

 බදු ගෙවීම පැහැර ඇරපු නිසා ඔවුන්ගේ අරක්කු නිෂ්පාදන බලපත්‍රය අත්හිටවල තිබුණා. බදු සතයක්වත් ගෙවන්නේ නැතිව ඒ බලපත්‍ර දෙකම නැවත දෙන්න තීරණය කරලා.

 අපි අහනවා දැන් සුරාබදු දෙපාර්තමේන්තුව කොමසාරිස් ජෙනරාල්වරයා විදිහට ඉන්නේ කලින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිලධාරියෙක් ඔහු කොහොමද  ආදායම් බදු ගෙවලා නැති සුරා බදු ගෙවලා නැති සමාගමකට බලපත්‍රය සක්‍රීය කරන්න තීරණය ගත්තේ.

 මේ තීරණය ගැනීම පිටිපස්සේ ඔහුට ආපු දේශපාලන බලපෑම් මොනවාද, ඔහුගේ පුද්ගලික අභිලාෂයන් මොනවාද.

 පුද්ගලික  අභිලාෂයන් විදියට සමහර විට ඔහුට සේවා දිගුවක් ගන්න ඇති.

 විහිළු ජනාධිපති බවට පත්වෙලා ඉන්න පජාත ජනාධිපති බවට පත්වෙලා ඉන්න ජනතාව විසින් සුජාත කරලා නැති ජනාධිපති ලෙස තමන් නම් කරගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ ගේ නම ගෑවිලා තිබුන මේ මහ බැංකු බැඳුම්කර වංචාවට.

 රනිල් වික්‍රමසිංහට ලැබුණු බලතල මේක සම්බන්ධයෙන් පාවිච්චි කරනවද කියලා අපි විශේෂයෙන් දැනගත යුතුව තියෙනවා.

 මේ අයගේ දේපළ හැමතැනම තියෙනවා මේ අයගේ මුදල් ගිණුම් වල තියෙනවා ඒවාගෙන් ඇයි බදු මුදල අය කර ගත්තේ නැත්තේ.

 බදු වංචා කරලා තියෙනවා විතරක් නෙමෙයි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගණනාවකට ණය අරගෙන ණය නොගෙවා පොලු තියලා තියෙනවා.

 මේගොල්ලන්ගේ විගණනය කරනු ලැබූ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සෑහෙන කාලයකින් ලබා දීලා නෑ.

 වහාම මේ බදු මුදල අය කර ගත යුතුයි. මේ කටයුත්ත ජනතා අධිකරණයක් ඉස්සරහට ගේනවා. අත් හිටවපු ගිණුම් නැවත සක්‍රීය කරන්න යනවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා.

 මහ බැංකු බැඳුම්කර වංචාවේ තිබ්බ වංචනික 

මුදල් ඒ ගිණුම් සියල්ල ෆ්‍රීස් කරලා තිබුණේ, ඒක ඉවත් කරනවා කියන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවේ දෙවැනි අදියර සාර්ථක වෙනවා.

 එක පෞද්ගලික බැංකුවක විතරක් රුපියල් බිලියන හතරක් තියෙනවා තැන්පත් කරලා. ඒ ගිණුම් සියල්ල දැන් විවෘත කරන්න යනවා.

 ලබන සතිය වෙද්දි ඉතා විශාල විනාශයක් රටේ ආර්ථිකයට වෙන්න නියමිතයි.

 අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ තත්ත්වයට එරෙහිව නැගී සිටින්න. අරගල කරන්න. නිශ්චිතවම රනිල් ගෝ හෝම් කියලා ජනතාව පාරට පැමිණිය යුතුව තියෙනවා.