28.2 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබලාගාර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් දැවිතෙල් නැහැ

බලාගාර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් දැවිතෙල් නැහැ

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ වනවිටත් දැවිතෙල් භාවිතයෙන් ක්‍රියාත්මක විදුලි බලාගරවල ක්‍රියාකාරීත්වය සීමා කර ඇති අතර යුගදනවි, සපුගස්කන්ද, බාච් යන විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දෛනික දැවිතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2500 ක් වන අතර කෙසේ නමුත් ඛනිජ තෙල් සංස්ථාව හරහා දෛනිකව ලැබෙන්නේ මෙට්‍රික් ටොන් 1400 ක් හෝ ඊට අඩු ප්‍රමාණයකි.

මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2100ක් වන අතර ජල විදුලි නිෂ්පාදනය 60%ක උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම හරහා මෙගාවොට් 1340 ක් ජාතික පද්ධතියට එකතු කරයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හරහා ජාතික පද්ධතියට එකතු වන ධාරිතාවය මෙගාවොට් 600 කි.

ඉතිරි වන ධාරිතාවය සපුරාලීම සඳහා දැවිතෙල් බලාගාර ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොමැති වුවහොත් විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇත. දෛනික විදුලි කප්පාදුව හැකිතරම් සීමා කිරීම සම්බන්ධයෙන් අද (29) සාකච්ඡාවක් පැවැත්වෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.