― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමන්දපෝෂණය ගැන යුනිසෙෆ් වාර්තාව දෙන්නැයි සජිත් ඉල්ලයි

මන්දපෝෂණය ගැන යුනිසෙෆ් වාර්තාව දෙන්නැයි සජිත් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරමිනි.

එම වාර්තාවෙන් හෙළි කෙරුණු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් අනුව මන්දපෝෂණය උග්‍ර රටවල් අතර ශ්‍රී ලංකාව 6 ස්ථානයට පත්ව ඇති අතර ළමා මන්දපෝෂණය අතින් දකුණු ආසියාවේ දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත.