27.8 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති නිවසට ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට

ජනපති නිවසට ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට

ජූලි 09 වැනිදා පැවති ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී කොල්ලුපිටියේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ඇතුලු වී ගිනිතබා දේපල හානි සිදුකිරීම හා සොරකම් කිරීම සම්බන්ධව සැකකරුවෙකු (29) ඊයේ රාත්‍රී කාලයේදී කොට්ටාව නගරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්ඩංගුවට ගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 33ක් වන ගල්බොක්ක, අරනායක ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයෙකු වේ.

සැකකරු අද(30)දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.