― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසර 05ක නව සංචාරක වීසා බලපත්‍රයක්

වසර 05ක නව සංචාරක වීසා බලපත්‍රයක්

සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණ ඇතිව නව වීසා කාණ්ඩයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ රටවල් 35ක පුරවැසියන් සඳහා එය අදාළ වන බවයි.

වසර 05 ක් සඳහා බලපැවැත්වෙන පරිදි ඕනෑම අවස්ථා ගණනකදී රටට පැමිණිය හැකි වන පරිදි මෙම වීසා බලපත්‍රය නිකුත් කෙරෙනු ඇති.

එමගින් එක් අවස්ථාවකදී උපරිම මාස 06ක් සඳහා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකියාව ලැබෙන අතර දැනට ශ්‍රී ලංකාව මගින් නිකුත් කරන 01 අවුරුදු ඕනෑම අවස්ථා ගණනාවක් පැමිණිය හැකි වීසා බලපත්‍රය සහ මාස 06 කට නිකුත් කරන තනි අවස්ථා වීසා බලපත්‍රයට අමතරව මෙම නව වීසා බලපත්‍රය නිකුත් කරනු ලබයි.