රාජ්ය සේවා සඳහා භාවිත කරන පෙට්රල් සහ ඩීසල් වාහන ආනයනය නතර කර විදුලි වාහන පමණක් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
භාණ්ඩාගාරය යටතේ ස්වාධීන ජාතික ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීමේ අදහස යෝජනා කරන බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව භූමිතෙල් මිල ඉහළ යාමෙන් විපතට පත් ධීවර ප්රජාවට සහ වතු කම්කරුවන්ට සහන සැලසීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.