― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කරපු ඖෂධ සංස්ථාවේ සභාපති ජනතාවගේ ජීවිත සමග...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කරපු ඖෂධ සංස්ථාවේ සභාපති ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරනවා – ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කරපු ඖෂධ සංස්ථාවේ සභාපති ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 30 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දවසින් දවස වළපල්ලට යමින් තියෙනවා. හෙට අනිද්දට ඖෂධ නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කරන්න ඉඩ තියෙනවා.

 රනිල් රාජපක්ෂලාගේ නියායට අනුව ගියොත් එහෙම මේවා ඔක්කොම අසාර්ථකයි කියලා පෞද්ගලීකරණය කරන්න නියමිතයි කියලා කියන්න තමා තියෙන්නේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට මේ තත්ත්වය උදා වුණේ රනිල් වික්‍රමසිංහ බලය අතට ගත්ත පලවෙනි මොහොතෙම පත්කරපු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය.

 රනිල් ආවෙ රට හදන්න නේ රට හදන්න කියලා පොරොන්දු වෙලා ඇවිල්ල කරමින් ඉන්නේ මොකක්ද.

 2015 මහ බැංකුව මංකොල්ල කෑවා. රාජ්‍ය ඖෂධ සංස්ථාව පවා මංකොල්ල කමින් ඉන්නවා. මහ බැංකුවේ මංකොල්ලයට සම්බන්ධ මෙන්ඩිස් සමාගමේ ගිණුම් ගණනාවක් කොමිසමේ තීරණයක් විසින් අත් හිටවලා තිබුන ඒ අත්හිටූවීම් අවලංගු කරලා ඒ මුදල් නැවත ගන්න සළස්වන තියෙනවා. 2022 ජූලි මාසේ නම වෙනිදා තමයි ගෝඨාභය රාජපක්ෂ ව එ ල වන්න ලක්ෂ ගණන් ජනතාව කොළඹට එකතු වුණේ.

වැඩබලන ජනාධිපති වරයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ බලය අතට ගත්තා නමවෙනි ද  රෑ.

 එයා කරපු පළවෙනි වැඩය තමයි දහවෙනිදා උදේ පාන්දර නීතිඥ සරත් ලියනගේ කියලා කෙනෙක්ව ඖෂධ සංස්ථාවේ සභාපති කලා.

 මේ සභාපති ඇවිල්ල රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හිටපු 2015 2018 කාලේ සභාපති. 

මේ පුද්ගලයා බලයට පත් වුණ ගමන් මොකද කළේ ඔහු සභාපති වෙච්ච ගමන් මෙන්න නිකුත් කරපු පලවෙනි ටෙන්ඩරය  ජුලි මාසේ 10 වැනිදා ඔහු සභාපති වෙනවා. ජූලි මාසේ විසි එක් වෙනිදා මේ ටෙන්ඩරය නිකුත් කරනවා.

 මේ ටෙන්ඩර් එකේ සඳහන් වෙලා තියෙනවා, මේ ටෙන්ඩරයට ලංසු ත බ න සමාගම් වලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 

 සහතිකය ඇතිව හෝ නැතිව ලන්සු තියන්න පුළුවන් කියලා.

 අසාදු ලේඛන ගත වෙච්ච සමාගම් වලට මේකට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන එක ඒ කියන්නේ. ඖෂධ සමාගම් අසාදු ලේඛන ගත කරන්නේ ඇයි  ඖෂධ සමාගම් ගිවිසුම් කොන්දේසි කඩ කරලා තියෙනවා එහෙම නැතිනම් ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න තියෙන නිසා තමයි අසාදු ලේඛන ගත කරන්නේ.

 මේ ටෙන්ඩර් ඒ ක ට අදාලව මුදල් ගෙවන්න කොහොමද මුදල් ගෙවන කාලවකවානුව කොහොමද තීරණය කරන්නේ ටෙන්ඩරය ප්‍රදානය කරාට පස්සේ.

 සල්ලි ගෙවන විදිය පස්සේ කියන්නම් කිව්වට පස්සේ මේ   ටෙන්ඩරය    ඉල්ලන්නේ කවුද. කවුරුත් ඉල්ලන්නෙ නෑ ඉල්ලන්නේ මේ කියන බ්ලැක් ලිස්ට් වෙච්ච සමාගම විතරයි.

 බ්ලැක්ලිස්ට් වෙච්ච සමාගම ෆාමේස් සමාගම අන්තිමට ටෙන්ඩරය හම්බ වෙන්නේ ඒගොල්ලන්ට. ඒ අයට ටෙන්ඩරය ලබාදීම සඳහා ම ගහපු උගුලක් මේක.

දැන් සතියකට දෙකකට කලින් ඖෂධ සංස්ථාවට සල්ලි වගයක් ලැබුණා ඒ සල්ලි වලින් ඖෂධ සංස්ථාව ප්‍රමුඛතාව දීලා කරපු වැඩේ තමයි  රුපියල් මිලියන හැත්තෑවක් ෆාමේස් කියන සමාගමට ගෙවිය යුතු බිල් කියලා ගෙව්වා.

 අපි දන්න තොරතුරු තියනවා අපි අභියෝග කරනවා ඖෂධ සංස්ථාව සභාපතිවරයාට ඒක කියන්න කියලා තව මිලියන සීයක් ලෑස්ති කරල තියෙනවා. මේ බ්ලැක්ලිස්ට් කරපු සමාගමට පරණ බිල් ගෙවන්න කියලා.

 හැබැයි මේක කරන්නේ රුපියල් බිලියන 42 ක්‌ ඒ කියන්නේ රුපියල් මිලියන හතළිස් දෙදහක් තියෙනවා විවිධ සැපයුම්කරුවන් සඳහා ගෙවන්න ඕන බිල්. සමහර සමාගම් ඖෂධ සංස්ථාවට ඖෂධ සැපයීම නවත්තලා තියෙනවා. හේතුව තමයි ඔවුන්ගේ බිල් ගෙවල නෑ.

 මේ සමාගම බ්ලැක්ලිස්ට් වෙන්න හේතුව හැමතැනම තියෙනවා. ජාතික ප්‍රසම්පාදන කොමිෂම විසින් නිකුත් කරපු වාර්තාව මගේ ළඟ තියෙනවා. ඖෂධ මිලදී ගැනීමේදී සිද්ධ වෙච්ච වංචාවල් ගැන. මේකේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.

 ඖෂධ සංස්ථාවේ සභාපති වරයායි ෆාමේස් කියන සමාගමයි අතර  යම්කිසි ආකාරයක සැකකටයුතු සමීප ගනුදෙනුවක් තියෙනවා කියලා තොරතුරු තියෙනවා කියලා කොමිෂන් වාර්තාව කියනවා.

 මේ වාර්තාවෙ තියෙනවා මේගොල්ලෝ 2015 2018 කාලේ කරපු වංචා. පිළිකා රෝගීන්ට දෙන ඖෂධයක් තියෙනවා. පියයුරු පිළිකා හැදෙන කාන්තාවන්ට ලබා දෙන ඖෂධයක්. මේ ඖෂධය  කුප්පි එක්දහස් දෙසිය පනස් හතක් ගන්න ඕන වෙලා තිබුණා. කලින් මෙයා සභාපති වෙලා ඉද්දි. එච්චර ලොකු ප්‍රමාණයක් ගන්නකොට සභාපති ඒ සම්බන්ධයෙන් තනියම තීරණයක් ගන්න බැහැ.

 තාක්ෂණ ඇගයීම් කමිටුවට දාලා ටෙ න්ඩර්කෝ ල් කරල ගන්න වෙන්නේ.

 ඒක වළක්වන්න එයා කරලා තියෙන එක තමයි 1257 ගන්න ඕන එක මුලින් පන්සියයක් අරගෙන ඊට පස්සේ 470ක් අරගෙන. ඊට පස්සේ පන්සිය පනස් හතක් අරගෙන. මේ බලන්න.

 එකක් අරගෙන තියෙන්නේ රුපියල් හැට හතර දහස්  හත්සිය සහ හැට හතර දාස් හාරසීය ගානේ තමයි මේක අරන් තියෙන්නේ.

 මේවා සාමාන්‍යයෙන් රුපියල් තිස්පන්දහ තිස් හත් දාහට ඒ ඖෂධ කුප්පිය දෙන සමාගම් විශාල ප්‍රමාණයක් ඉද්දි තමයි මේක කරලා තියෙන්නේ.

 2017 අප්‍රියෙල් මාසෙ හයවෙනිදා කෝප් වාර්තාව  ජූලි මාසේ හත්වෙනිදා කෝප් වාර්තාව මේ දෙකේ  පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා  අදාල සමාගමේ මේවා ගත්ත එක ජනතාවගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් කියලා.

 මේ ඖෂධ දෙක මිලදී ගැනීමේදී විතරක් රුපියල් කෝටි 400 ක අලාභයක් වෙලා තියෙනවා කියලා.

 මේ වැඩිපුර මුදල් ගෙවලා තියෙන්නේ බෙහෙත් නැතුව ලෙඩ්ඩු මැරෙන්න රටක.

 ඒ ඖෂධය රුසියාවේ ලියාපදිංචි කරලා තියෙන්නේ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමේ රුසියාවේ කර්මාන්ත අමාත්‍යාංශය. රුසියාව ඇතුලම මේක බෙහෙතක් ලෙස පාවිච්චි කරන්න දෙන්නේ නෑ

 පිළිකා වෛද්‍යවරුන්ගේ සංගමය මේ ඖෂධය ගේ න එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඔවුන් කිව්වා මේ ඖෂධය රෝගීන්ට දෙන්නෙ නෑ කියලා..

 එහෙම කියන වෛද්‍යවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා විදිහට ඉද්දි තීරණය ගත්තා.

 මේ ඖෂධය රෝගීන්ට අත්හදා බලලා නෑ. 2015 දෙසැම්බර් 31 වැනිදා තමයි රුසියාව මේක අනුමත කරලා තියෙන්නේ. ලංකාවේ මේකට අනුමැතිය දීලා තියෙනවා පෙබරවාරි මාසේ 18 වෙනිදා.

 දවස් හතලිස් නවයක් ඇතුළත ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේක ලියාපදිංචි කරලා.

 මේ කෝප් වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා මේ ඖෂධය දීලා තියෙන්නේ රුසියාවේ 44 දෙනෙකුට විතරයි. මිනිස්සුන්ට අත්හදා බලලා නෑ. ලෙඩ්ඩු 44 දෙනෙකුට මේක දීලා  එකෙන් පස් දෙනෙක් මැරිලා.

 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකම ගත්තේ මොකටද කියලා පැහැදිලි. තමන්ගේ යාළුවන්ව  ඖෂධ සංස්ථාවේ ලොක්කෝ කරල ඇති තරං වංචා කරන්න  තමයි ජනාධිපතිකම ගත්තේ.