― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ සේවකයන් සඳහා විශේෂ චක්‍රලේඛයක්

රජයේ සේවකයන් සඳහා විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

කොවිඩ් සහ ඉන්පසු ඇති වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් මහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර ජනතාව සිය ගැටලු ඉදිරිපත් කරමින් යොමු කරන ලිපි සහ දුරකථන ඇමතුම්වලට කඩනමින් පිළිතුරු ලබාදීම සඳහා රාජ්‍ය නිලධාරින් බැඳීසිටින බව අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.

ජනතාව සිය ගැටලු ඉදිරිපත් කරමින් යොමු කරන ලිපි සඳහා වහාම අවශ්‍ය පිළිතුරු යැවීමට කල්ගත වන්නේ නම් සතියක් ඇතුළත ලිපිය ලද බවට වන පිළිතුරු ලිපියක් හෝ ඉදිරිපත් කළ යුතුය.

සති 04ක් ඇතුළත අවසන් පිළිතුරු යැවීමට කටයුතු කළ යුතු බව අදාළ චක්‍රලේඛය මගින් දැනුම්දී ඇත.