― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

ජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

අද (01) සිට ඉහළ දැමුණු ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් පසුගිය අගෝස්තු 25 වැනිදා ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

ගෘහස්ථ ජල ගාස්තුව ඒකක බිංදුවත් 05ත් අතර රුපියල් 12.00ක්ව පැවැති ඒකකයක් සඳහා වන ගාස්තුව රුපියල් 20.00ක් දක්වාත් ඉහළ නංවා තිබෙනවා.එමෙන්ම ඒකක බිංදුවත් 25ත් අතර මාසික සේවා ගාස්තුව රුපියල් 300.00 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන්.ඒකක 75ට වැඩි ජල ගාස්තු සඳහා ඒකකයක් සඳහා රුපියල් 140ක්ව පැවැති පරිහරණ ගාස්තුව රුපියල් 238.00ක් දක්වා ඉහළ නංවා ඇති අතර එම කාණ්ඩ යටතේ රුපියල් 1,600ක්ව පැවැති මාසික සේවා ගාස්තුව රුපියල් 3,500ක් දක්වා ඉහළ නංවා තිබේ.

ඕනෑම කාණ්ඩයක මාසික ජල ගාස්තුවට, පරිහරණ ගාස්තු සහ මාසික සේවා ගාස්තුවට අමතරව අනෙකුත් ගාස්තු සහ අදාළ බදු ඇතුළත් වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වා තිබෙනවා.

මේ පිළිබද අදහස් දැක්වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත,

පාරිභෝගිකයාට සහනයක් ලබාදීම සඳහා අගෝස්තු මාසයේ පරිභෝජනය තියෙනවා නම්, බිල හැදෙන්නේ සැප්තැම්බර් 1 සිට අලුත් ජල ගාස්තු අය ක්‍රමය යටතේ, නමුත් ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේ අපි ඒ පරණ ජල ගාස්තුවට ගණනය කරලා පරණ පරිභෝජනය සඳහා බිල්පතේ ඇත්තටම අඩුකිරීමක් ලබාදීමට තීරණය කරලා තියෙනවා. ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ ජල ගාස්තු සංශෝධනය එක්ක ආගමික ස්ථාන හා පාස්ල සඳහා ජල ගාස්තු සංශෝධනය කිසිසේත්ම වෙනසක් කරලා නෑ. සමෘද්ධිලාභීන් හා වතු ජනතාවගේ ජල ගාස්තුවල පරිහරණ ගාස්තුවේ වෙනසක් නෑ. සේවා ගාස්තු විතරක් රු 50කින් වැඩිවෙනවා. ගෘහස්ත නොවන පාරිභෝගිකයින් සඳහා 40% – 50%ත් අතර ජල ගාස්තු වැඩිකරලා තියෙන්නේ. සමෘද්ධිලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරලා සමෘද්ධි කාඩ්පතත් සමග තමන්ගේ පාරිභෝගික ප්‍රභේදය සමෘද්ධි බවට පත්කර ගන්න.