27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් නිදොස් කොට නිදහස්

ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් නිදොස් කොට නිදහස්

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එවකට ගම්පහ හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ සහ හිටපු එල්.ටී.ටී.ඊ. සමාජිකයෙකු යැයි කියන සෙල්වරාජා කිරුභාකරන් හෙවත් මොරිස් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2008 වසරේ අප්‍රේල් 06 වැනිදා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසළදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ලක් විය.