― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලන්කන් සමාගමට අමතර මිලියන 07ක වියදමක්

ශ්‍රී ලන්කන් සමාගමට අමතර මිලියන 07ක වියදමක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 07ක අමතර පාඩුවක් විඳීමට සිදුව ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙම පාඩුව සිදුව තිබේ. ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවට යාමට ඒමට යන වියදම හා ඉන්ධන, ගුවන් යානාවල ක්ෂය වීම සඳහා මෙම පාඩුව සිදුවන බව ගණන් බලා ඇත.

තෙල් ලබා ගැනීම සඳහා ගුවන්යානා විසිපහක් තිහක් අතර ප්‍රමාණයක් මසකට ඉන්දියාවට යන බව සඳහන් වේ. මේ පියාසර කිරීම අතිරේක ගමනක් වන අතර ගුවන් යානාවල ක්ෂය වීම දීර්ඝ කාලීනව බලපාන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සඳහන් කරයි.