27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් නිසා හිටිහැටියේ ලොක්ඩවුන් වූ නගරය

කොවිඩ් නිසා හිටිහැටියේ ලොක්ඩවුන් වූ නගරය

මිලියන 16ක පමණ ජනතාවක් ජීවත්වන චීනයේ චෙංදු (Chengdu) නගරය නැවත වරක් ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

යළිත් වරක් කොවිඩ් ආසාදිතයින් වැඩිවීමක් සිදුව ඇති බැවින් ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා. මේ තත්වය හේතුවෙන් චෙංදු නගරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට යෑමට අවසර හිමිවී තිබේ.

චෙංදු නගරයෙන් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 157 දෙනෙකු වාර්තා වී තිබෙනවා. තවත් 51ක් දෙනෙකු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ බව සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.