25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය උපකරණ මිල සියයට 40කින් ඉහළට

වෛද්‍ය උපකරණ මිල සියයට 40කින් ඉහළට

අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය මගින් අදාළ වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක්ද නියම කර තිබේ.

ඒ අනුව හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ට්, අක්ෂි කාච, පල්ස් ඔක්සිමීටර, රුධිර ග්ලූකෝස් මාපක සහ ඒ සඳහා භාවිත කරන තීරු ඇතුළු රෝග විනිශ්චය සහ සැත්කම් සඳහා භාවිත කරන වෛද්‍ය උපකරණ රැසක මිල මෙම නව ගැසට් පත්‍රය මගින් ඉහළ නංවා ඇත.

සියයට 40 ක පමණ ප්‍රතිශතයකින් මෙම වෛද්‍ය උපකරණ 43 හි මිල ඉහළ නංවා ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළද ඇතැම් වෛද්‍ය උපකරණ සියයට සියයකින් පමණ නව ගැසට් පත්‍රයට අනුව මිල ඉහළ යන බව ඔසුසැල් හිමියන් පවසයි.