25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පිරවුම්හල් 400ක් වැසෙන ලකුණු

ඉන්ධන පිරවුම්හල් 400ක් වැසෙන ලකුණු

ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවට වාර්තා වෙයි.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන්. ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම් සිදුකළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දුන්නේය.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසන්නේ එසේ සිදුකිරීම අපහසු කටයුත්තක් බවත් රාත්‍රී 9.30ට පෙර ඉන්ධන පිරවුම්හල් හිමියන් මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් පසුදින ඔවුන්ට ඉන්ධන නොලැබෙන බවත්ය.

මේ හේතුවෙන් නියමිත පරිදි ඉන්ධන ඇනවුම් සම්පුර්ණ කිරීමට නොහැකි වීම තුළ දෛනිකව ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.