― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීන පොහොර නැවේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශයට

චීන පොහොර නැවේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශයට

චීන පොහොර නැව සම්බන්ධ ගැටළුවේදී දෙරට අතර මිත්‍රත්වයට හානි නොවන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා ක්‍රියාවලියක් සැකසීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

චීනයේ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම කාබනික පොහොර ගනුදෙනුවට අදාළව ඇතිකරගත් සමථය ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් එම සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙස විගණකාධිපතිවරයා රජයට නිර්දේශ තිබුණි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවිපලක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.