― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදෙස්ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීමට අවසර

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීමට අවසර

විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට අවසර දෙන අයදුම්පත්‍රය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදේශ රැකියා අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ https://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන වෙබ් ලිපිනයන් ඔස්සේ අදාළ අයදුම්පත්‍රය බාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.

නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදේශගත ශ්‍රමිකයින් සදහා සහන රැසක් ලබාදීමට ගෙන ඇති තීරණයත් සමඟ විද්‍යුත් වාහන ආනයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද පසුගියදා හිමි වුණා.

ඒ අනුව විද්‍යුත් වාහන ආනයනය සදහා අවසර ලබාදෙන ගැසට් නිවේදනය සහ අයදුම්පත්‍රය මේ වනවිට නිකුත් කර තිබෙනවා.