27.8 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රීරෝද රථ සංගම් අඛණ්ඩ විරෝධතාවයක

ත්‍රීරෝද රථ සංගම් අඛණ්ඩ විරෝධතාවයක

සිය ගැටලුවලට නිසි විසඳුමක් ලබාදෙන තුරු ඊයේ (05) ආරම්භ කළ විරෝධතාව අත්නොහරින බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් වැඩි කරන්නැයි ඉල්ලමින් එම සංගම් ඊයේ (05) උදෑසන බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළේය.

ඊයේ රාත්‍රී එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවයේ යෙදී සිටි පිරිස් රැඳී සිටි කුඩාරම ඉවත් කිරීමටද කටයුතු කර තිබේ.

කෙසේවෙතත් සිය ගැටලුවට විසඳුමක් ලැබෙන තෙක් එම ස්ථානයෙන් ඉවත්ව නොයන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේය.