― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමන්දපෝෂණයෙන් පෙළෙන සමාජයක් බිහිවීමේ අවදානමක්

මන්දපෝෂණයෙන් පෙළෙන සමාජයක් බිහිවීමේ අවදානමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අතුරු අයවැයේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කිසිදු සැලසුමක් නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න චෝදනා කරයි.

දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ඇය මේ බව සඳහන් කළාය.

පසුගියදා යුනිසෙෆ් ආයතනය වාර්තා කළේ ශ්‍රී ලංකාව ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල වයස අවුරුදු 5ට අඩු ළමුන්ගේ මන්දපෝෂණයෙන් 6 වැනි ස්ථානයේ පසුවන බවත් දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි ස්ථානයේ පසුවන බවත්ය.

රජය මේ සම්බන්ධයෙන් සුදුසු වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි. මන්දපෝෂණයෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ වයස අවුරුදු 5ට අඩු දරුවන්. ශ්‍රී ලාංකික ජනගහනයෙන් ලක්ෂ 49 කට තමන්ට ආහාර සපයා ගැනීමට නොහැකිව සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කිව්වා වැට් බද්ද තවදුරටත් ඉහළ යන්න පුළුවන් කියලා. එහෙම වුණොත් මේ මාසය අවසන් වන විට ආහාර උද්ධමනය 100% දක්වා ඉහළ යා හැකියි.

දරුවන් කියන්නේ හෙට දවසේ අනාගතය. එබැවින් අනාගතයේ මන්දපෝෂණයෙන් පෙළෙන සමාජයක් වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා. පස් දෙනෙකුගෙන් යුත් පවුලක දිවා ආහාරය සඳහා දිනක වියදම 2019දී රුපියල් 1100ක් ලෙස සටහන් වුණා. 2022 වන විට එය රුපියල් 2300කට වඩා වැඩි වී තිබෙනවා.

එමෙන්ම මීට කලින් ප්‍රාථමික අංශයේ සිසුන් 11 ලක්ෂයකට දිවා ආහාරය ලබා දුන්නා. ඒත් අද ඒක දෙන්න බැහැ. මෙම පෝෂණ යෝජනා ක්‍රමය සඳහා එක් සිසුවෙකුට රුපියල් 60ක් වෙන් කෙරෙනවා. අද එම මිලට ලබා ගන්න පුළුවන් එක් බිත්තරයක් පමණයි. ඒවගේම අද වෙද්දි ගර්භනී කාන්තාවන්ට ත්‍රිපෝෂ නැහැ. තිරිඟු සහ පිටි මිල ඉහළ යාම නිසා ගොවීනුත් අසරණ වෙලා. ඒ නිසා ආහාර කල් තබා ගෙන බෙදා හැරීමට රජය මීට වඩා හොඳ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.”