පසුගිය 31 වැනිදා මීගමුව අධිකරණ සංකීර්ණය අසළදී තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු මීගමුව, කුට්ටිදූව, මාළු ලෙල්ලම ප්‍රදේශයේදී ඊයේ (05) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු සමඟ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔවුන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මිනුවන්ගොඩ සහ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ. සැකකරුවන් දෙදෙනා අද (06) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
මීගමුව අධිකරණ සංකීර්ණය අසළදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පසුගිය 31 වැනිදා සිදුකළ වෙඩි තැබීමෙන් මෝටර් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයෙක් සහ මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙක් තුවාල ලැබුවා.