27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් ලීටරයක් 50කින් අඩු කරන්න පුළුවන්

තෙල් ලීටරයක් 50කින් අඩු කරන්න පුළුවන්

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළහොත් ලෝක වෙළෙඳපොළේ මිල අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ජනතාව අර්බුදවලට මුහුණ දී සිටින මොහොතේ මෙම ඉන්ධන සහනය ලබා දී ඇති බව ඔහු දන්වා සිටියේය. ඉන්ධන මිල සූත්‍රයට අනුව ක්‍රියා කරන බව රජය ප්‍රකාශ කළත් මේ වන විට රජය බදු ගෙවීමෙන් පසු ඉන්ධන ලීටරයකින් රුපියල් 50ක ලාභයක් ලබනවා.

මිල සූත්‍රය සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් නොමැති බැවින් රජයට අවශ්‍ය පරිදි කටයුතු කළ හැකි බවද හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය.