31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමියන්මාරයෙන් මෙරටට දැවැන්ත පරිත්‍යාගයක්

මියන්මාරයෙන් මෙරටට දැවැන්ත පරිත්‍යාගයක්

මියන්මාර සුදු සහල් මෙට්‍රික් ටොන් 1000 ක්, මියන්මාර රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත 2022 සැප්තැම්බර් 2 වැනි දින පරිත්‍යාග කර තිබේ. එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 170 ක් වනවා.

මියන්මාර රජයේ වාණිජ්‍ය අමාත්‍ය යූ. අවුන් නයින් ඕ මැතිතුමා විසින් මෙම සහල් තොගය මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙන ලදි. මෙම සහල් තොගය භාර ගත් තානාපති ජනක බණ්ඩාර මැතිතුමා, මෙම අභියෝගාත්මක අවස්ථාව හමුවේ ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 1000ක් පරිත්‍යාග කරමින් සිය ත්‍යාගශීලී බව විදහා දැක්වූ මියන්මාර රජයට සහ එහි ජනතාවට සිය කෘතඥතාව සහ අවංක ස්තුතිය පුද කළා.