― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපියාගේ රියට යටවී දෙහැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

පියාගේ රියට යටවී දෙහැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

තඹලගමුව ප්‍රදේශයේ ඊයේ (07) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

තඹලගමුව, නයනමාතිඩල් අතුරු මාර් ගයේ තම නිවස ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය නිවස පිහිටි ඉඩමට ඇතුල් කිරීමට පිටුපසට ගැනීමේදී දැරිය වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ දැරිය කෝවිල්අඩි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.