දෙවන එළිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාව – මහා බ්‍රිතාන්‍යය – කැනඩාව – නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක නිකුත් කෙරෙන කාසි සහ නෝට්ටුවලද වෙනසක් සිදු කර තිබේ.
මේ අනුව රැජිණගේ රුව ඉන් ඉවත්වී නව රජු බවට පත්වූ 03 වන චාල්ස් රජුගේ රුව ඊට ආදේශ වීමට නියමිතය.
අදින් පසු මුද්‍රණය කෙරෙන නෝට්ටු සඳහා එය බලාත්මක වනු ඇති.
රටවල් ගණනාවක ස්ථාන සහ ගොඩනැගිලි රැසකු ජාතික කොඩිය අඩකුඹු කර ඇති ආකාරයකුයි දක්නට ලැබෙන්නේ.
02 වන එළිසබෙත් මහ රැජිණගේ අභාවය හේතුවෙන් ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු රැස්වීම් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
අවම වශයෙන් දින 15 කට හෝ පාර්ලිමේන්තු කටයුතු නොපැවැත්වීමටයි අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් උපදෙස් දී ඇත්තේ.


