27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉදිරි දෙසතියේදී ඖෂධ හිඟයක්?

ඉදිරි දෙසතියේදී ඖෂධ හිඟයක්?

ඉදිරි සති කිහිපය තුළ දිවයින පුරා සෞඛ්‍ය ආයතන තුළ ඖෂධ හිඟයක් ඇතිවනු ඇතැයි රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ මේ වනවිට පිළිකා නාශක ඖෂධ, හෘද, අපස්මාර, දියවැඩියා රෝගින් සඳහා භාවිතා කරන ඖෂධවල දැඩි හිඟයක් පවතින බවයි.

තවද රජයේ ඖෂධවේදින්ගේ සංගමය චෝදනා කරමින් කියාසිටින්නේ මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉන්දියානු ණය ආධාර ක්‍රමයෙන් ඖෂධ මිලදී ගන්නා බවත් එම ඖෂධ ඇණවුම් කිරිමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බවයි.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්තගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ වනවිට ඖෂධවල හිඟයක් නොමැති බවත් පසුගිය කාලයේ ඉන්ධන හිඟය හේතුවෙන් ඖෂධ ප්‍රවාහනය කිරිමේ ගැටලු පැවැති බවත්ය.

ලේකම්වරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී රෝහල් සඳහා ඖෂධ බෙදාහැරීම් සිදුකරන බවයි.