29.5 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති රනිල් බ්‍රිතාන්‍යයට

මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති රනිල් බ්‍රිතාන්‍යයට

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිත බව වාර් තා වෙයි.

ඊයේ (11) පෙරවරුවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හමු වී දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය විසින් පිළිගන්වා තිබෙනවා.

මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව්මැඳුරේ ලබන 19 වැනිදා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයෙහි ශෝක සටහනක් තැබු රනිල් වික්‍රමසිංහ මහතා දෙවන එළිසබෙත් මහ රැජිණ දශක 07ක් පුරා ලෝක ජනතාව වෙනුවෙන් ඉටු කළ මහඟු සේවය ඇගයීමට ලක් කළා.

අනුව ජනාධිපතිවරයා ලබන 17 හෝ 18 මහා බ්‍රිතාන්‍ය බලා යාමට නියමිතය.එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කළේය.