― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබන්ධනාගාර රැඳවියන් 417කට විශේෂ සමාවක්

බන්ධනාගාර රැඳවියන් 417කට විශේෂ සමාවක්

අද දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී තිබේ.

සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස විශේෂ සමාවක් හිමී වී ඇත්තේ දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් පිරිසකට වන අතර එම 417 දෙනා අතරට කාන්තාවන් සිව්දෙනෙකුද අයත්ය.