ආනයන පාලනය සඳහා රජය නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කර තිබෙනවා.
භාණ්ඩ 300ක් ආනයනය කිරීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් අගෝස්තු 22 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි.
කෙසේ වෙතත්, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් දැන් එම ගැසට් නිවේදනය සංශෝධනය කර ඇත.
නව විශේෂ ගැසට් නිවේදනය අනුව සීමාවන්ට යටත්ව සුවඳ විලවුන් ඇතුළු ඇතැම් ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර ඇත.