27 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 08කට එරෙහිව විනය පරීක්ෂණ

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 08කට එරෙහිව විනය පරීක්ෂණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු අටදෙනකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

ඒ මධ්‍යම කාරක සභාවේ තීරණයට පටහැනිව ඇමැති ධුර ලබාගැනීම හේතුවෙන්. වත්මන් ආණ්ඩුවේ කිසිදු ඇමැති ධුරයක් ලබා නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇති පසුබිමක තීරණයට පටහැනිව නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර යන මන්ත්‍රිවරු කැබිනට් ඇමැති ධුර සහ රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රිවරු රාජ්‍ය ඇමැති ධුර ලබාගත්තා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ පක්ෂ සභාපතිවරයාට ලැබී ඇති බලතලවලට අනුව ඉදිරි දිනවලදී විනය පරීක්ෂණ පවත්වන බවයි.