26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"පාස්කු ප්‍රහාරයේ නඩු 107 නිෂ්ප්‍රභා කරන්න"

“පාස්කු ප්‍රහාරයේ නඩු 107 නිෂ්ප්‍රභා කරන්න”

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සිදූවු ජීවිත හා දේපල හානියට වන්දි ගෙවීමට රජය කටයුතු කරමින් සිටින බැවින් රජයට එරෙහිව පවරා ඇති නඩු 107 නිෂ්ප්‍රභා කරන්නයි නීතිපතිවරයා කොළඹ අතිරේක දිසා විනිසුරුවරියගෙන් ඊයේ (13) ඉල්ලීමක් කළේය.

2019 අප්‍රේල් 22 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2019 /04 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශයට අප්‍රේල් 24 වැනිදා අනුමැතිය හිමි විය. ඒ අනුව එම වන්දි මුදල් ගෙවීම සිදු කරන බවත් මියගිය හා සදාකාලික ආබාධිත වූ පුද්ගලයකු සඳහා රුපියල් මිලියනයක්ද, තුවාල ලැබූ පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 5ක්ද, සිදුව ඇති දේපළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 5ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට අනුමැතිය හිමි වී තිබේ.

වන්දි ගෙවීමේ කටයුතු සඳහා හානි පූර්ණය සඳහා වන කාර්යාලයට පැවරීමටත් අමාත්‍ය මණ්ඩල සංදේශය නිර් දේශ කර ඇති බවත් නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.