“සාමය, සහජීවනය හා සමගිය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීමට කැපවන අරුත්බර නත්තලකට සැමට සුබ පතනවා” ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන තවත් නත්තල් දිනයක අසිරිය අද දින මුළුමහත් ලොවටම දැනෙමින් තිබේ. බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක, ගව ඔරුවක උපත ලැබූ බව කියැවෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ලොව සුවපත් කළ ආගමික ශාස්තෘවරයකු ලෙස සිය දිවිය කැප කළේ පීඩාවට පත්වූ ජනතාවට යහපත් හෙට දිනයක් නිර්මාණය කොට දීමටය.’සාමය, සහජීවනය හා සමගිය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීම’ අරමුණු කොටගත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන අද දිනය, ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුනට, සැබෑ ලෙස අරුත්ගැන්විය හැක්කේ ඉහත කී සිය ශාස්තෘවරයාණන්ගේ අරමුණු සාක්ෂාත් කර දීමට අදිටන් කර ගැනීමෙනි.
මුළුමහත් ලොවම වසංගතයක අඳුරු සෙවණැලිවලින් වැසී ගොස් ඇති මොහොතක ඉන් මිදීමේ මාර්ගයන් ද ලෝක පරිමාණයෙන් නිර්මාණය වෙමින් පවතී. ඒ ඖෂධ, ප්‍රතිකාර ක්‍රමවේද දේශසීමා, මායිම්වලින් තොරව ලොව පුරා එකී වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සියලුදෙනාට හිමිවන වාතාවරණයක් නිර්මාණය කර ගැනීමට හැකි පමණින් දායක වීමට ද කිතුනු බැතිමතුන් අදිටන් කරගතහොත් එය ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් අරමුණු සාධනයට හේතු වේ.’ඉහත කී අදිටන් ඇති කරගෙන ඉන් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ලෝකවාසී කිතුණු බැතිමතුනට හැකිවේවා’යි යන පැතුම ද සමගින් ඔවුනට සුබ නත්තලක් වේවා’යි ද පතමි.
විමල් වීරවංශ (පා. ම.)
කර්මාන්ත අමාත්‍ය,නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2021-12-25