29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාවට යළිත් පාර් ලිමේන්තුව නැරඹීමට අවස්ථාව

ජනතාවට යළිත් පාර් ලිමේන්තුව නැරඹීමට අවස්ථාව

පාර් ලිමේන්තුව නැරඹීම සඳහා මහ ජනතාවට පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කර තිබේ.

පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති අතර මින් පෙර අවස්ථාවකදී කොවිඩ් තත්ත්වය හා ආරක්ෂක හේතූන් මත මහජනතාවට පාර් ලිමේන්තුව නැරඹීමේ අවස්ථා සීමා කෙරිණි.

ඒ අනුව හෙට (20) සිට රැස්වීම් නොපැවැත්වෙන දිනයන්හීදී පසල් සිසුන්ට පාර් ලිමේන්තුව නැරඹීමේ හැකියාව ලැබී තිබේ. කෙසේනමුත් පාර් ලිමේන්තුව නැරඹීම සඳහා පෙර පරිදිම පාරිලිමේන්තුවෙන් පූර් ව අනුමැතියක් ලබා ගත යුතුයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, උසස් අධ්‍යාපන ආයතන සිසුන් සඳහා මෙන්ම විදේශීය සංචාරකයින්ටද මෙම අවස්ථාව හිමි වේ.