― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ආහාර හිඟය දරුණු අතට

ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ආහාර හිඟය දරුණු අතට

ලබන ඔක්තෝබර් මාසයේ සිට ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා මාස 04ක කාලය ආහාර අර් බුදයෙන් දරුණු අතට හැරෙනු ඇති බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.

ලෝක ආහාර වැඩසටහන විසින් ලොව කුසගින්නෙන් පසු වන ජනතාව සිටින රටවල් සිතියම්ගත කර ඇති අතර එම දත්තවලට අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ වයඹ පළාත් අවදානම් කලාප ලෙස දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 30කට වැඩි පිරිසක් එනම්, මිලියන 6.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිත තත්වයකින් පසු වන බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කරයි.
අවම වශයෙන් 65,600ක ප්‍රමාණයක් දැඩි ආහාර අනාරක්ෂිත තත්වයකින් පෙළෙන බවට එම දත්ත වාර්තා අනාවරණය කර තිබේ.

එමෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට ජනතාවගෙන් සියයට 60ක පමණ මේ වන විට මිල අඩු සහ පෝෂණය අඩු ආහාර සඳහා යොමු වී ඇති බවත් මෙරට ආර් ථික අර් බුදය සහ සහල් හිඟයෙන් මෙරට ආහාර සුරක්ෂිතතාව තවදුරටත් පිරිහෙනු ඇති බවට ලෝක බැංකු දත්ත වාර් තා කරයි.