― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsත්‍රිපෝෂ ගැන අසත්‍ය පතුරන්නන්ට නීතිමය ක්‍රියාමාර් ග

ත්‍රිපෝෂ ගැන අසත්‍ය පතුරන්නන්ට නීතිමය ක්‍රියාමාර් ග

ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇති බවට පළවන වාර් තා සම්පූර් ණයෙන් අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර් ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ඔය ප්‍රශ්ණය ගැන මම ඊයේ හවසම සාකච්ඡා කළා. අමූලික බොරුවක් කියලා මම වගකීමෙන් පාර් ලිමේන්තුව ඇතුළේ කියනවා. මේ ප්‍රශ්ණයට සම්බන්ධවෙලා තියෙන අයට නීතිමය පියවර ගන්න කියලා මම ඊයේ රෑ 11ට ලේකම්තුමාට කථා කරලා කිව්වා.

මේක හරි අසාධාරණ කථාවක් ඇල්ෆාටොක්සීන් තියෙනවද බලන්න. පිළිකා කාරක තියෙනවා කියලා සමාජයක්ම බය ගන්වන්න ඉතාමත් නින්දිත ආකාරයේ කටයුතු කරනවා. මේ වගේ ප්‍රකාශයක් කරනවනම් ලේකම්තුමාගේ අනුමැතිය ගන්න ඕනේ.