27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින්ගේ ඇඳුම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන් කාර් යාල සඳහා පැමිණීමේදී සුදුසු කාර් යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර් තා වුණේ. රාජ්‍ය නිලධාරීන් කාර් යාල වෙත පැමිණීමේදී කාන්තාවන් සඳහා සාරිය, ඔසරිය හෝ සුදුසු ගැළපෙන කාර් යාල ඇඳුමක් ඇඳිය හැකි බවට චක්‍රලේඛයක් මේ වන විටත් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින් අදාළ චක්‍රලේඛයේ පළමු කොටස පමණක් ක්‍රියාත්මක කරන අතර සුදුසු ගැළපෙන කාර් යාල ඇඳුමක් යන්න අමතක කර ඇති බවයි අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සුදුසු කාර් යාල ඇඳුමක් ඇඳීමට ඉඩ ලබාදිය යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටයි මෙලෙස තීරණය කර ඇත්තේ. අදාල චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.