― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසන්ත මුදලිගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

වසන්ත මුදලිගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන ඔක්තෝබර් මස 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අදාළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද සලකා බැලීමෙන් අනතුරුවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු මේ වනවිට රඳවාගෙන සිටිනවා.