30 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහජනතාවට පාර් ලිමේන්තුව නැරඹීමට නැවතත් අවස්ථාව

මහජනතාවට පාර් ලිමේන්තුව නැරඹීමට නැවතත් අවස්ථාව

පසුගිය සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් සිසුන්ට පාර් ලිමේන්තු සංකීර් ණය නැරඹීම සඳහා අවස්ථාව හිමිව තිබෙනවා.

පාර් ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා මෙම අවසර ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා පාර් ලිමේන්තුව නිවේදය කළේ. පසුගිය කාල සීමාව තුළදී කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර් තු මාසයේ සිට මහජනතාවට පාර් ලිමේන්තුව නැරඹීම සඳහා අවස්ථාව හිමි වූයේ නැහැ.

මේ වනවිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින් ආදී පිරිස් පාර් ලිමේන්තුව නැරඹීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි වාර් තා වන්නේ. ඒ අනුව ඊයේ (26) දිනයේදී කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියන් සියයකට අධික පිරිසක් පාර් ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.

මෙහිදී සිසුවියන්ට මහජන ගැලරියේ සිට පාර් ලිමේන්තු සභා ගර් භය නැරඹීමට අවස්ථාව හිමි වූ අතර එහිදී සභා ගර් භය පිළිබඳ දැනුවත් කිරීමද සිදු කෙරුණා. පාර් ලිමේන්තුව නැරඹීම සඳහා පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk අඩවිය හරහා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින්ටද මෙම පහසුකම ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා පාර් ලිමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.