― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට කෘෂිකර් මය නංවන්න එක්සත් ජනපදයේ සහාය

මෙරට කෘෂිකර් මය නංවන්න එක්සත් ජනපදයේ සහාය

ශ්‍රී ලංකාවේ කාෂිකාර් මික සංවර් ධනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපතිනී සින්ඩි මැකේන් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතායතනවල නිත්‍ය තානාපතිනී සින්ඩි මැකේන් මහත්මිය (Ambassador Cindy Hensley McCain-U.S. permanent Representative to UN Agencies) හා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් ඊයේ (26) කෘෂිකර් ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර හමුවිය.

ශ්‍රී ලංකාවේ කෘෂි අංශ සංවර් ධනය සඳහා ලබා දිය හැකි සියලුම සහයෝගය ලබා දෙන බව සින්ඩි මැකේන් මහත්මිය එම හමුවේදී සඳහන් කළාය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකාර් මික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව සිය රටට ගිය පසු අදාල සියලු අංශ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් ඇය අවධාරණය කළාය.