28.4 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුත්‍රයා විසින් දෙමාපියන්ට කළ අහස පොළොව නුහුලන අපරාධය

පුත්‍රයා විසින් දෙමාපියන්ට කළ අහස පොළොව නුහුලන අපරාධය

පුතෙකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහරදීමේ සිද්ධියක් හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයෙන් වාර් තා වෙයි.

මෙම පහරදීම හේතුවෙන් පියා මියගොස් ඇති අතර මවට බරපතල තුවාල සිදුවී රෝහල්ගත කර ඇති බවයි මාලබේ පොලීසිය පවසන්නේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනයව සිටි පුතුව මව විසින් මෑත කාලයේදී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය වී ඇති බවත් 28 හැවිරිදි සැකකාර පුතු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රී රෝද රථ රියදුරෙකි.

මාලබේ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.