― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසිසුන්ගේ ආහාර වේලේ පෝෂණ ගුණය ගැන අධීක්ෂණයක්

සිසුන්ගේ ආහාර වේලේ පෝෂණ ගුණය ගැන අධීක්ෂණයක්

මෙරට පාසල් පද්ධතියෙන් සිසුන් 78%කට මේ වනවිට ආහාර වේලක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පාසල් 7925ක මෙම වැඩසටහන ක්‍රියාත්මක බව එහි අතිරේක ලේකම් මහින්ද යාපා සඳහන් කළේය. සෙසු පාසල්වලද පෞද්ගලික අංශයේ දායකත්වයෙන් පෝෂණ වැඩසටහන් ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

පාසල් සිසුන් නිවසින් රැගෙන ආහාර වේලේ පෝෂණ ගුණය පිළිබඳ අධීක්ෂණය කරන ලෙස ගුරුවරුන්ට උපදෙස්දී ඇති බවද අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේය.