― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවන අලි පළවා හරින්න වසරකට මිලියන 2800ක්

වන අලි පළවා හරින්න වසරකට මිලියන 2800ක්

වන අලි පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා රජය වාර් ෂිකව රුපියල් මිලියන 2800ක් වැය කරන බව වනජීවී දෙපාර් තමේන්තුව පවසයි.

වන අලින් වගා බිම්වලට හා ගම්වලට කඩා වදින අවස්ථාවලදී ඔවුන් පළවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජනතාවට නොමිලයේ අලි වෙඩි සපයනු ලබයි. වසරකට අලි වෙඩි ලක්ෂ 14ක් පමණ අවශ්‍ය වන අතර දේශීය ගිණිකෙළි කර් මාන්තකරුවන්ගෙන් ඒවා මිලදී ගනු ලබයි.

වන අලින් පළවා හැරීම සඳහා වනජීවී නිලධාරින්ගෙන් නිසි සහයෝගයක් නොලැබෙන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කෘෂිකර් ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් වනසංරක්ෂණ නිලධාරින්ගෙන් කරුණු විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ වන අලි ගම් වැදුනු අවස්ථාවල ජනතාව වනජීවී නිලධාරින්ට දැනුම් දුන්නද ඉන්ධන සීමාවන් නියමිත වේලාවට අදාල ස්ථානයට ගමන් කිරීමේ ප්‍රායෝගික අපහසුතා ඇති බවයි.

එමෙන්ම දැනට පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අලි වෙඩි සඳහා දැනට වැය වන මුදලට වඩා වැඩි මුදලක් ඉදිරියේදී වැය කිරීමට සිදු විය හැකි බව ඔවුන් අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.