― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීන ජනපති කටකතාවලට තිත තබයි

චීන ජනපති කටකතාවලට තිත තබයි

චීන ජනාධිපති ෂී ජින් පින්ග් නිවාස අඩස්සියට පත්ව සිටින බවට පළ වූ වාර් තා අසත්‍යයක් බවට පත් කරමින් ජනාධිපතිවරයා ඊයේ (27) බීජිංහි පැවැති ප්‍රදර්ශනයක් නැරඹීමට එක් වී තිබේ.

විදෙස් මාධ්‍ය මේ බව තහවුරු කරයි. පසුගිය දිනවල ට්විටර් ඇතුළු සමාජ ජාලා රැසක තොරතුරු පළ වුණේ උස්බකිස්ථානයේ, උස්බෙක්හි පැවති කලාපීය ආරක්ෂක සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව නැවත චීනයට පැමිණි ජනාධිපතිවරයා හමුදා කුමන්ත්‍රණයකට හසුව නිවාස අඩස්සියේ පසුවන බවයි.

මේ වනවිට 69 වියෙහි පසුවන චීන නායකයා එළඹෙන මාසයේ පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී ඓතිහාසිකව තුන්වන වරටත් පක්ෂයේ නායකත්වය මෙන්ම නැවතත් රටේ නායකයා වීමටද නියමිතය.