26.1 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදායම් බදු වංචාවක් සම්බන්ධයෙන් ෂකීරාට නඩු

ආදායම් බදු වංචාවක් සම්බන්ධයෙන් ෂකීරාට නඩු

ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන ෂකීරාට විරුද්ධව බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

2012 සිට 2014 දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 14.31ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇයට මෙම චෝදනා එල්ල වී තිබේ.

ස්පාඤ්ඤ අධිකරණයක මෙම චෝදනාවලට එරෙහිව ඇය වගඋත්තරකාරියක් කර ඇති අතර කොලොම්බියානු ජාතික 45 හැවිරිදි ෂකීරා තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඇයට එල්ල වන මෙම චෝදනාවලට වරදකාරියක් වුව හොත් වසර 8කට බන්ධනාගාරගත වීමට සිදුවන බවද විදෙස් මාධ්‍ය වාර් තා කරයි.