― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනතාව වෙනුවෙන් හඬ නැගූ දයාසිරිටත් ලක්ෂ 13ක විදුලි බිලක්?

ජනතාව වෙනුවෙන් හඬ නැගූ දයාසිරිටත් ලක්ෂ 13ක විදුලි බිලක්?

පාර් ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට ලබාදී තිබූ ඇමති නිවසේ විදුලි බිලක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා. එහි දැක්වෙන්නේ ග්‍රෙගරි පාරේ ඇති දයාසිරි ජයසේකරට ලබාදී තිබූ නිවසක විදුලි බිලක්.

මෙම ලිපියේ සඳහන් වන පරිදි 2016 ජනවාරි මාසයේදී අදාළ ස්ථානය දයාසිරි ජයසේකරට ලබාදී ඇති අතර 2022 අගෝස්තු මස වනවිට එහි හිඟ විදුලි බිල 1,132,188 ක්. ඒ අනුව දයාසිරි ජයසේකර ජයසේකර පදිංචිව සිටි කාලය තුළදී සිදුකරන ලද පරිභෝජනය වෙනුවෙන් 6, 37,488 ක හිඟ මුදලක් පවතින බව එම ලිපියේ දැක්වෙනවා.

පාර් ලිමේන්තුව තුළ සුදු ඇදගෙන කතා කරන ඇතැම් මහත්වරුන් තවමත් කරන්නේ මිනිසුන්ට කොකා පෙන්වන බව මෙවන් සිදුවීම්වලින් අපට මනාවට පැහැදිලි වනවා.එක ආහාර වේලකින් ජීවිතය ගැටගහන්නා මිනිසුන් සිටිනා රටක, ගැබිණි මවට නිසි පෝෂණයක් ලබාදීමට නොහැකි රටක, දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙන රටක මන්ත්‍රීවරයෙකු ලක්ෂ ගණනින් විදුලි බිලට පොලු තියද්දී විදුලි බල මණ්ඩලයේදී දෑස් අන්ද වී තිබීමද කණගාටුවට කරුණකි.

රුපියල් 3000 බිලට නිසි වේලාවට ගොස් විදුලිය විසන්ධි කරන රටක, වසර ගණනක් හිඟ බිල් තිබියදී පවා ලියුම් යවා සැනසෙන රාජ්‍ය නිලධාරීන් සිටිද්දී දේශපාලඥයාට පමණක් ඇගිලි දිගු කිරීමද අසාධාරණය.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම අසරණ ජනතාව වෙනුවෙන් හඬ නැගූ දයාසිරි ජයසේකරත් මේ රට වැටී ඇති තැනට වගකිව යුතු නොවන්නේද..?