26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වෙයි

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වෙයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම ප්‍රවර් ධනය කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

අදාළ යෝජනාවට පක්ෂව රටවල් 20ක් සහ විපක්ෂව රටවල් 7ක් ඡන්දය භාවිත කළා.

බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, උස්බෙකිස්තානය සහ වෙනිසියුලාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ප්‍රංශය, ජර් මනිය, නෙදර් ලන්තය, කොරියාව, යුක්රේනය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

ඉන්දියාව, ජපානය, බ්‍රසීලය, කටාර් රාජ්‍යය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් 20ක් ඡන්දය වර් ජනය කළහ.